කඩොලාන පරිසරයේ සතුන්
ශාක ප්‍රජාව මෙන් ම කඩොලාන පරිසරයේ සත්ත්ව ප්‍රජාව ද සුවිශේෂ වූ අනුවර්තනවලින් යුත් සොබාදහමේ අපූර්ව නිර්මාණයන්ගෙන් අනූන වේ. විශේෂයෙන් කකුළු විශේෂ,මට්ටි විශේෂ, බෙල්ලන් විශේෂ, මත්ස්‍ය විශේෂ හා පක්ෂි විශේෂ මෙම පරිසරයේ බහුලව දක්නට ලැබේ.